(මාවරල පී.එස්. මද්දුමගේ)
කොරෝනා වසංගත තත්ත්වයත් සමග ජනතාවගේ භාවිතයට පැමිණි මුව ආවරණ සම්ප්‍රදාය තුළ විවිධ සමාගම් නොයෙක් නොයෙක් මාදිලියේ මුව ආවරණ විවිධ මිල ගණන් යටතේ වෙෙළඳපොළට එක් කිරීමට කටයුතු කර තිබේ. එසේ වුවත් දකුණෙ ගම්මානයක වැඩිහිටියකු අලුත් තාලේ මුව ආවරණයක් භාවිත කිරීමේ සිද්ධියක් වාර්තාවේ.
ඔහු විවාහකයෙකි. දරුවන් දෙදෙනකුගේ පියෙකි. ස්ථිර රැකියාවක් නොකළ ඔහු මවුපියන්ගෙන් උරුම වූ බට පොතු කර්මාන්තයේ නිෂ්පාදන පා පැදියකින් දුරබැහැර ගම්මානවලට ගෙන ගොස් අලෙවි කර මිල මුදලක් සොයා ගැනීම ජීවන වෘත්තීය විය.
කොරෝනා නිරෝධායන ඇඳිරි නීතිය නිසා තම වෙළෙඳාම සුපුරුදු ලෙස කර ගැනීමට අවස්ථාවක්ද නොලැබුණ නිසා, මොහු ආර්ථික දුෂ්කරතාවලින්ද පීඩාවට පත්ව සිටියේය.
තම වෙළෙඳාමට අදාල දේ නිපදවන අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන කොරෝනාවට අවශ්‍ය ජනතාවට කලක් භාවිත කළ හැකි උපකරණයක් නිර්මාණය කිරීමට හෙතෙම උත්සාහයක නිරත විය. උත්සාහයෙන් නිමැවුම සාර්ථක විය.
දිනක් වෙෙළදාමේ ගොස් එන අතර තුරදී, පොලිස් නිලධාරීහු ඔහු නතර කර, ඇඳිරි නීතිය කඩ කිරීමේ වරද ගැන දැනුවත් කළහ. ඒ අතරතුර ඔහුගේ මුව ආවරණය ගැන විපරමින් බැලූ පොලිස් නිලධාරී මහතෙක් ඒ ගැන ප්‍රශ්න කළේය.
“රාලහාමි මේ මාස්ක් එක මගේම නිෂ්පාදනයක්. වේවැල් හීන්වෙන්න ඉරා සිනිදුවට සුද්ධ කර තවත් වේවැල් රාමුවක් නාසය නිකට අනුව හැඩ ගන්වා එය රාමුවලෙස සකසා වේවැල් වලින් කිරිගොටු වියන ආකාරයට මෙය වියා ගන්නවා. ඊට පසුව ඇතුළතට සාමාන්‍ය රෙදි කැබැල්ලක ආවරණයක් යොදා භාවිතයට ගන්නවා. දිනකට එක ගානේ කඩවල තියෙන මාස්ක් අරගෙන දිනපතා භාවිත කිරීමට කීයක් නම් වියදම් කරන්න වෙනවද? දුප්පත් අපට මේකෙන් ඒ වියදම අඩු වෙනවා. මේකට අවශ්‍ය රෙදිකඩක් ඇතුළත ආවරණය සඳහා යොදා ගැනීම පමණයි. ජීවිත කාලයටම මේකෙන් ඕනෑ එකයි.
පොලිස් නිලධාරීන්ට මෙම අලුත් මුව ආවරණය (මාස්ක්) ගැන ප්‍රශ්න කිරීමට කිසිම අදහසක් නොමැති වූයේ ඔහුගේ අසරණකම තේරුම් යාම නිසාය. වැඩිදුර ප්‍රශ්න කිරීමකින් තොරව ඔහුට යාමට අවසර දුන්නේ පොලිස් නිලධාරීන් කීප දෙනා එකිනෙකාගේ මුහුණ බලද්දීය.

