සේවිකාවකගේ නැති වූ මාලය හමුවූවත් තිබූ තැන කියන්නට නොහැකිව අසරණ වූ කතාවක් අසන්නට ලැබේ.
එය කුරුණෑගල නගරයේ ප්‍රධාන පෙළේ කාර්යාලයකි. මහජනයා නිතර පැමිණි කාර්යාලයක් නිසාම පිරිමි හා ගැහැණු සේවක සේවිකාවෝ ඉතා සැලකිලිමත් ලෙස ඇඳුම් පැළඳුම් හා ආභරණ පැළඳ සිටියහ.
හදිසියේ ප්‍රධාන ලිපිකාරිණියගේ ලක්‍ෂයක් පමණ වටිනා රන් දම්වැළ අතුරුදන් වීම නිසා ඈ තරමක කනස්සල්ලෙන් එය කාර්යාලය පුරා සොයන්නට විය. අනෙක් සේවක සේවිකාවෝ ද තම රාජකාරිය අතරතුර ද මේ ගැන විපරම් කළහ. කිසිම හෝඩුවාවක් නොතිබිණි.
ගෙදර බැරි වුණාද “අද දමාගෙන” ආ බව හොඳටම මතකද? කීයක් වටිනවාද? ආදි විවිධ ප්‍රශ්න මැද රන් දම්වැළ නැතිවීම නිසා ඇය විවිධ අය සැක කළාය. කාර්යාලයේ සියලු දෙනාගේම එදින එකම මාතෘකාව එයම විය. එදින හැඬූ කඳුළින් ගත කළ ඇය කාර්යාලය අහවර වී නිවෙස වෙත ගියාය. කාමරයට ගොස් ඇඳුම් ගලවනවාත් සමග උඩු කය යට ඇඳුමට හිරවී තිබුණු රන් මාලය බිම වැටුණි.
“කොහේද අනේ මාලෙ තිබුණෙ” පසුදා යෙහෙළියන් හා යාළුවන් අහද්දී ඇය නිහඬ වුණේ කියන්නට බැරි නිසාය.

