දේවාලයේ පිංපෙට්ටියේ කතරගම දෙවියන්ට ලියූ ලිපියක්


හිරු නොනඟින පැත්තේය.  දෙවොලේ පිංපෙට්ටියෙන් අමුතු පඬුරක් මතුවිය. රුපියල් දහයේ කාසියක් එතූ ලියුමක් එහි විය. ලියුම කතරගම දෙවියන්ටය. කතක ඒ ලියුම ලියුවේ සැමියාගේ අවකල් ක‍්‍රියාව ඉවසා සිටීමට බැරිම තැන ය. සැමියා හොර අඹුවක පසුපස යන බව ඈ දැන ගත්තාය. එයින් තමාට කෙසේ වෙතත් දරු දෙන්නාට යන කලදසාව සිහිවූ විට ඇගේ පපුව  ‘හෝස්’ ගා දා ගිය වාර අනන්තය. ගෙදරදී දුන් අවවාද ඉමක් නැත. රණ්ඩු දබරද ඉමක් නැත. තවත් කියන්නටද කෙනකු නැත. අන්තිමේදී ඇය කතරගම දෙවියන්ගේ පිහිට පැතුවාය. හොර අඹුව කඩකාරියකි. ඇහට කනට පෙනෙන ගැහැනියකි. ඔහුගේ තුන් රෝදයෙන්ද දෙන්නා හොර ගමන් යන්නට ඇති ලූ. දෙවියාට යැවූ ලියුම නරයකු අතට පත්විය. ඒ නරයා එය හොර අඹුවට දුන්නාය. ඉන්පසු අර පලහිලව්ව ගමපුරා ඇවිළ ගියේය. ඒ ලියුමේ ඇති දෙය දෙවොල් අසන, බලන කෙනකුගේ හිත පපුව ඉබේම උණුවෙනවාලූ. සැබැයි දේව ලිපිය ලීක් කළ නරයාට දැන් එක් කතක් දෙස් දෙවොල් තබනවා ලූ.