දායක සභාවේ සභාපතිට කනාටු ගස්වලින් ලොතරැයියක් ඇදිලා


විශාල පන්සල් වත්තක් සහිත විහාරස්ත දායක සභාවට අලූත් සභාපතිවරයකු තෝරා පත්කර ගත්තේය. ඔහු පත්වූ සැනින් ලොකුහාමුදුරුවන්ට යෝජනා කළේ අපෙ නායක හාමුදුරුවනේ අපි මේ පල නොදරන කණාටු පැරණි පොල් වගාව ඉවත් කරමු. අලූතින් පොල් හදමු. සහනාධාරත් ලබාගමු යනුවෙනි. ලොකු හාමුදුරුවෝද අදහස අනුමත කළහ. අලූත් සභාපතිවරයා පැරණි පොල් වගාව ඉවත්කිරීමේ වැඩ පසුදාම ආරම්භ කළේය. යන්ත‍්‍රානුසාරයෙන් පොල්ගස් කපයි. විවිධ ප‍්‍රමාණවල කඳන් කුට්ටි කරයි. අවම වශයෙන් පොල් කඳන් පටවාගත් ට‍්‍රැක්ටර් ටේ‍්‍රලර් තුනක්වත් දිනපතාම පන්සල් වත්තෙන් නගරය බලා පිටත්වෙයි. මෙසේ දින සති බවට හැරී ගෙවීගියේ දෙසතියකි. පැරණි පොල්වගාව ඉවත්කිරීමේ ආනිශංසය හේතුකොටගෙන අලූත් සභාපතිවරයා මාර්ග ඵලයක් ලැබුවේය. එම මාර්ගඵලය අලූත් වර්ගයක අලූත් හැඩයේ යතුරු පැදියකි. සභාපතිවරයා දැන් පන්සලට එන්නේ යන්නේ එම යතුරු පැදියෙනි. අන්න බලාපල්ලා අලූත් සභාපති තුමාට පරණ පොල්ගස් කැපීමේ පින පලදීලා තියන හැටි. බ‍්‍රෑන්ඞ්නිව් බයික් එකක්. හිටපු සභාපතිතුමා කඩමණ්ඩියට පැමිණි අවස්ථාවකදී ගමේ පිරිසක් අමතා පැවසුවාලූ.