(තලවකැලේ- ශාන්ත චන්ද්‍රසිරි)
ත්‍රිරෝද රථ රියැදුරකු පෙට්‍රල් යයි සිතා ත්‍රි රෝද රථයේ ඉන්ධන ටැංකියට පැණි බීම දැමීමේ පුවතක් තලවකැලේ නගරය ආසන්න වතු ප්‍රදේශයකින් වාර්තා විය.
ත්‍රි රෝද රථයේ පසුපස කොටසේ පෙට්‍රල් ලීටරයේ බෝතලයක් හා එම ප්‍රමාණයේම පැණි බීම බෝතලයක් තබාගෙන එළවළු රැගෙන ඒමේ කුලී ගමනක් යන අතරතුර ත්‍රි රෝද රථයේ ඉන්ධන අවසන් වූ පසු ත්‍රි රෝද රථ රියැදුරු රථයේ පසුපස කොටසට අත දමා පෙට්‍රල් යැයි සිතා පැණි බීම බෝතලය සම්පූර්ණයෙන්ම ඉන්ධන ටැංකියට දමා තිබේ.
ඉන් පසු ත්‍රි රෝද රථය පණ ගැන්වීමට කෙතරම් උත්සාහ ගත්තත් එය පණ ගැන්වීමට නොහැකි මන්දැයි කළ සෝදිසියේ දී පෙට්‍රල් යයි සිතා පෙට්‍රල් පාටටම තිබූ පැණි බීම බෝතලය රථයේ ඉන්ධන ටැංකියට දමා ඇති බව රියදුරුට වැටහිණි.
පසුව කුළී ගමන අතරමග නවතා දමා ත්‍රී රෝද රථය ගරාජයක් වෙත රැගෙන ගොස් විශාල මුදලක් වැය කොට අලුත්වැඩියා කර ගැනීමට එම රියදුරු කටයුතු කළේ තමන්ටම දොස් පවරමිනි.