තනි පංගලමේ කතකගෙන් ‘ලයිට්’ ඉල්ලා රිදෙන්නම කාලා


‘ලයිට් එකක්’ ඉල්ලාගෙන යාම සඳහා සැමියා නොමැති අවස්ථාවේ නි​ෙවසකට ගොස් එහි සිටි කාන්තාවට අතරවර කිරීමට උත්සා කළ පුද්ගලයකුට කාන්තාවගෙන් බඩ කට පුරා කෑමට සිදුවූ සිද්ධියක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.


අධිබල විදුලි බල්බයක් ඉල්ලා ගැනීම සඳහා සැකකරු කාන්තාවගේ නිවසට ගොස් ඇති අතර කාන්තාව පමණක් නි​ෙවසේ සිටිනා බව අවබෝධ කරගත් ඔහු එක් වරම මම ඔයාට ආදරෙයි. පවසමින් කාන්තාව සිප වැළඳගෙන ඇති බවත් ක්ෂණිකව ක්‍රියාත්මක වූ කාන්තාව අසල තිබූ පොල්ලක් ගෙන සැකකරුට පහරදී පලවා හැර ඇති බව වාර්තාවේ.


 අත්අඩංගුවට ගත් සැකකරු හතලිස් තුන් වැනි වියේ පසුවන එක්දරු පියකු වන අතර පහරදීම සිදුකළ කාන්තාව විසි නව හැවිරිදි දෙදරු මවකි.


සැකකරු අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි මත දැඩි ලෙස අවවාද කොට මුදා හැර ඇති අතර වැඩිදුර විභාගය ඉදිරි දිනයකට කල් තබා ඇත.

හක්මන විශේෂ - දෙනගම  යසන්ත ආරියසේන