ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
විදුහලේ වාර්ෂිකව පවත්වන අවුරුදු උත්සවය මෙවරත් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබිණි. අඩුපාඩුවකට තිබුණේ අවුරුදු උත්සවයේ ඡායාරූප ගැනීමට ඩ්‍රෝන කැමරාවක් නොතිබීමයි.
විදුහල්පතිතුමා කාටත් හොරා තමන්ගේම වියදමින් කැමරා කුරුල්ලකු මිලදී ගත්තේය. උත්සවය පැවැත්වීමට පෙර දින එය අත්හදා බැලීම සඳහා ඒ ගැන දැනුම් තේරුම් ඇති විදුහලේ ශිෂ්‍යයෙකු නිවෙසට කැඳවා ගත්තේය. නියමිත ප්‍රමාණය වන අඩි තිහක් උඩට කැමරා කුරුල්ලා ගුවන්ගත කර ඡායාරූප ලබාගත්තාට පසු විදුහල්පතිට ජොලිය වැඩි වී ශිෂ්‍යයාට උපදෙස් දුන්නේ තව උඩට යවන ලෙසය. කිලෝමීටරයක් පමණ උඩට යැවූ කැමරා කුරුල්ලා පාලනයෙන් මිදී සුළඟේ ගහගෙන නොපෙනී ගියේය. අඳුර වැටෙන තුරු අවට ලඳු කැලෑවල සෙව්වත් කැමරා කුරුල්ලා සොයා ගැනීමට නොහැකි විය.
අනතුරුව හිස් අතින් ගෙදර ගිය විදුහල්පතිවරයා කැමරා කුරුල්ලකු නොමැතිව අවුරුදු උත්සවය සිදු කළේය.