චරිත සහතිකයක් ඉල්ලූවාම ‘පිස්සු පොරක්’ යැයි ලියාදීලා


(තිහගොඩ - උපසේන ලියනගම)
රාජ්‍ය සේවයේ ඉහළ තනතුරක් දැරූ ඔහු කා අතරත් ජනප‍්‍රිය තැනැත්තෙකි.  සේවාවෙන් විශ‍්‍රාම ලැබීමෙන් අනතුරුව ඔහුට මුළු දිවයිනටම සාම විනිසුරුකමක් ද ලැබිණ. ප‍්‍රාදේශීය දේශපාලකයකුගේ හිතවතකු වූ ඔහු සොයා පසුගියදා එම දේශපාලකයාගේ පාක්‍ෂිකයකු ආවේ චරිත සහතිකයක් ගැනීමටය.


ඒ තැනැත්තා සමඟ කතා කිරීමේදී ඔහු රැුකියාවකට යාම සඳහා චරිත සහතිකයක් ඉල්ලා සිටියත් ඊට කිසිසේත් නොගැළපෙන විකාර දොඩවන්නකු බව මේ නිලධාරියාට හැඟිණි. දේශපාලකයා අමනාප කර ගැනීමට බැරි නිසා චරිත සහතිකය ලියාදී අස්සනට පෙර පි.පො. යනුවෙන් එහි සටහන් කොට සම්මුඛ පරීක්‍ෂණයට පෙරදා ඒ මණ්ඩලයේ ප‍්‍රධානියාට දුරකතන ඇමතුමක් දී ‘‘මගේ චරිත සහතිකේක පි.පො. කියා ලියා ඇති සහතිකය ගණන් ගන්න එපා’’ යැයි කීය. ඇයි සර් පි.පො. කියලා ලීවේයි පරීක්‍ෂක මණ්ඩල ප‍්‍රධානියා ඇසූවිට ‘‘පිස්සු පොරක්’’ කී නිලධාරියා ‘‘මේක කාටවත් කියන්න එපා’’ යැයි ද කීවාලූ.