කොරෝනා නීතියෙන් බේරෙන්න දවස් 6 ක්ම මඟුල් කාලා


(තිහගොඩ උපසේන ලියනගම)
 දකුණු පළාතේ ප්‍රධාන ​ෙපළේ ව්‍යපාරිකයකු වූ ඔහුට සිටියේ එකම දියණියකි. ඇය ඔහුගේම ආයතනයක ගිණුම් ලිපිකාරිණියක ලෙස සේවය කළාය.


රූමත් අයට පසුගියදා විවාහ යෝජනාවක් ඉදිරිපත් වූයේද ව්‍යාපාරික පවුලකිනි. දෙපාර්ශ්වයේ සෝදිසි කිරීම් මත විවාහයට දින යෝජනා වූ අතර විවාහ මංගල්‍යයට ආරාධිතයන් කැඳවීම ගැටලුවක් විය.


ඒ ඔහුගේ සැලසුමට අනුව මංගල්‍යයට කැඳවිය යුතු පිරිස තුන්සියයක් පමණ වුවත් කොරෝනා වසංගත නීතිය අනුව එය පනහකට අඩුකළ යුතු වීමයි. ඒත් ඉන් එක් නමක්වත් ඉවත් කළ නොහැකි බව ඔහුට වැටහින. මේ පිළිබඳව තම බිරිඳට කී විට වාණිජ විෂය උගන්වන ගුරුවරියක වූ බිරිඳ කීවේ මංගල්‍ය දින හයක් පවත්වා එක දිනකට පනහ බැගින් කැඳවන ලෙසය.


ඇයගේ උපදේශන​ෙයන් දිරිමත්වූ ඔහු දින හයක් මංගල්‍ය පැවත්වෙන බවට දින යොදා හිතවතුන්, සේවකයන් ඥාතීන් කැඳවූ අතර මැද දිනයක පෝරුවේ චාරිත්‍ර ආදිය යොදා ගත්තේය.


මෙසේ දින පහක්ම මනාලයා මනාලියගේ නිවෙස් රැඳී සිටි අතර ඔවුන් මධුසමය සඳහා ගියේ දින පහකට පසුවලු.