(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොරෝනා උවදුරෙන් ආක්ෂාවීමට ගතයුතු පියවර පිළිබඳව ගම්වැසියන්ට උපදෙස් ලබා දෙන අතරේ සෞඛ්‍ය වෛද්‍ය නිල රියේ තිබී විසබීජ නාශක බෝතලය සොරා ගැනීමේ සිද්ධියක් නිසා නිලධාරීන් අසරණ වූ සිද්ධියක් පිළිබඳව පසුගියදා කල්එළිය ප්‍රදේශයෙන් වාර්තා විය.
මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීන් පිරිසක් පසුගියදා කල්එළිය ප්‍රදේශයට ගියේ ගම්වැසියන් නිරෝධායනය වීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමටය. ඒ ප්‍රදේශයෙන් සැකසහිත අයකු පිළිබඳ සැලවූ නිසාය. ඔවුන් ගමන් ගත් රිය නවතා පිරිස නිවැසියන් හමුවී උපදෙස් ලබාදී ආපසු යෑමට පැමිණ වෛද්‍යවරයා ඇතුළු පිරිස විසබීජ නාශක යොදා දෙඅත් පිරිසිදු කරගන්නට සූදානම් වූහ.
එහෙත් විසබීජ නාශක කුප්පිය අතුරුදන් වී තිබිණි. නිලධාරි නිවෙස්වලට ගිය අතර කිසිවෙකු වාහනයේ තිබූ විසබීජ නාශක බෝතලට සොරා ගෙන ගොස් ඇති බව පසුව හෙළිවිය. කරන්නට දෙයක් නොවූ තැන පිරිස ජල නළයක් සොයාගෙන දෙඅත් පිරිසිදු කරගෙන ආපසු කාර්යාලය බලා පිටත්ව ගියේ රටේ ජනතාවගේ හැටි කෙසේදැයි සිතා ගන්නට බැරිවය.