කෙසෙල් කොටුවේ අයිතිකරු සතුටු කරන්න කඩෙන් කෙසෙල් ඇවරියක් ගෙනත්


පුලතිසිපුරය අසල ග‍්‍රාමීය ප‍්‍රදේශයක සිටින මේ වෙදමහතා වඩාත් ප‍්‍රසිද්ධ වූයේ ඇදුම රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමටය. රෝගීන්ගෙන් කිසිදු මුදලක් අය නොකරන කාරුණික වෙදමහතකු වූ ඔහු හමුවීමට පසුගිය දා දකුණේ මවක් ගියේ තම පුතා ද සමගය. පුතා සුව නොවන ඇදුම රෝගයකින් පෙළිණි. එහි යන අතරතුර ආසන්න උප නගරයේ වූ වෙළඳ සලක රත්නමාලූ වර්ගයේ විශාල කෙසෙල් කැනක් එල්ලා තිබිණි. මුදල් නොගන්නා වෙද මහතාට මෙය තෑගි කිරීම සුදුසුයැයි සිතූ මේ මව ඉන් ලොකු ඇවරියක් කපා පාර්සල් කර ගත්තාය. වෙද මහතා රෝගියා පරීක්‍ෂා කොට ප‍්‍රතිකාර ලබාදුන් පසුව එහි පැමිණ සිටි අයට තේ පැන් සංග‍්‍රහයක් පැවැත්වීය. මේ සංග‍්‍රහයට රත්නමාලූ වර්ගයේ කෙසෙල් ඇවරියක් ද තිබෙනු දුටු මේ මව පුදුමයට පත් වූයේ තමා ගෙනා පාර්සලය තවමත් මේසය මත වූ හෙයිනි. ළඟ සිටි කාන්තාවකගෙන් මේ ගැන විමසූ විට මේ වෙදමහතා විශාල කෙසෙල් වගාවකද නිරතවන බවත් ඒවායේ අස්වැන්න අවට කඩවලට අඩුමිලට ලබා දෙන බවත් ඇය පැවසීම නිසා මේ මවට දෙවියන් සිහිවුණාලූ.