කෑම රත්කරන්න කෑම පෙට්ටිය පිටින් ගෑස් ලිපේ තියලා


(තිහගොඩ - උපසේන ලියනගම)

අගනුවරට ආසන්න මංගල උත්සව ශාලාවක පැවති විවාහ මංගල උත්සවයකට අඹුසැමි දෙපළකට ආරාධනා කොට තිබුණත් පසුගියදා සැමියා පමණක් එහි ගියේ බිරිය මඳ අසනීපයෙන් පසු වූ හෙයිනි. මංගල්‍ය සාදය අවසානයේදී බිරියගේ හිතවතියක වූ මනාලියගේ මව ඇගේ නොපැමිධෑම ගැන දුක් වී රිජිෆෝම් පෙට්ටියකට දැමූ කෑම පාර්සලයක් සැමියා අත තැබුවේ එය බිරියට දෙන ලෙස පවසමිනි.

සැමියා කෑම පෙට්ටිය ගෙදර දී ඇයට දුන් විට එහි සීතල ගතිය නිසා කෑම ටික මඳක් රත් කිරීමට මෙහෙකාර දැරිය අතට දුන්නාය. මොහොතකින් කුස්සිය පැත්තෙන් හඬක් ඇසී එහි ගිය ඇයට රිජිෆෝම් කෑම පෙට්ටිය ගෑස් කුකරය මත තබා ගිනි දැල්වීමෙන් එය පිළිස්සී ගොස් ඇති ආකාරය දැකීමෙන් තරු පෙනිණ. මෙහෙකාර දැරිය දැඩි විමතියට පත්ව සිටි අතර ගෑස් කුකරය පුරා විසිරී තිබූ කෑම අස් කිරීමට සැහෙන වෙලාවක් ගත වුණාලු.