කසිප්පු පොළට ආ පොලිසියෙන් බේරෙන්න පොල්ගහකට නැඟ වෙරිත් හිඳිලා


රයිගම්පුර ගමකි. ගමේ වෙල් යායක් ආසන්නයේ පවත්වාගෙන යන කසිප්පුපොළක් පිළිබඳ තොරතුරු ලැබී පොලිසිය එය වටලන්නට විය. පොලිසිය දුටු පිරිස සහ කසිප්පු මුදලාලි පැන දිවූහ. මේ අතරේ කසිප්පු බීමට පැමිණ සිටි පොල් කඩන්නෙක් ද විය. නිතරම වළල්ල ළඟ තබා ගන්නා ඔහු දුව ගොස් අසල තිබූ පොල් ගසකට නැග්ගේය. පැන දිවූ අනෙක් අය පොලිසිය විසින් කොටු කර ගැනිණි. පොල් කඩන්නා ගසේ සිටින බව පොලිසිය දැක්කේ නැත. දැක්කත් ප‍්‍රශ්නයක් නැත.  පොලිසිය ගිය පසු ගහෙන් බිමට බැස රස්සාවට පොල් කැඩූ නිසා අද මං අනූ නමයෙන් බේරුණා” කියමින් යන්නට ගියේ වෙරිත් හිඳුණා යැයි කියමිනි.