එකට කා බී සිටි මිතුරාගේ බැංකු කාඞ්පතින් සල්ලි ඇදලා


(වැල්ලම්පිටිය - ශාන්ත සෙනෙවිරත්න)
කුලී කාමරයේ නවාතැන් ගෙන සිටි මිතුරා කාමරයේ නැති අවස්ථාවල ඔහුගේ බැංකු කාඞ්පතින් හොරෙන් සල්ලි ඇද්ද මිතුරෙකුගේ හොරකම අසුවීම නිසා ඔහුට පොලිස් කූඩුවේ තපින්නට වූ සිද්ධියක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබිණි.


දෙදෙනාම දුර බැහැර ප‍්‍රදේශයක සිට කොළඹට රැුකියාවන් සඳහා පැමිණ හඳුනා ගැනීමෙන් පසු කොළඹට කිට්ටු ප‍්‍රදේශයක කාමරයක් කුලියට ගෙන නවාතැන්ගෙන ඇත.


එකිනෙකා කෙරෙහි විශ්වාසයක් ඇති කරගත් නිසා අවුලක් නැතිව කාමරයේ නැවතී රැුකියාවට යාමට පුරුදුව සිටි අතරේ එක් අයකුගේ බැංකු කාඞ්පතේ තැන්පත් මුදල් ටික ටික අඩුවෙන බව දැනගෙන ඒ ගැන සොයා බලා ඇත. තම මිතුරා තමන්ගේ බැංකු කාඞ්පත සොරාගෙන මුදල් ගන්නවා ද යන්න සොයා බැලීමට දිනක් ඔහු යෙ¥ උපක‍්‍රමය සාර්ථකවී ඇත. තමන් එහි ලාච්චුවක දමා තිබූ බැංකු කාඞ්පත සොරාගෙන මෙම මුදල් වංචාව කරන බව තහවුරු කරගත් පසු තවදුරටත් මේ මිතුරුකමින් වැඩක් නැති බව වටහාගෙන රහසේම පොලිසියට පැමිණිලි කර ඇත්තේ දුර සිටින සතුරාට වඩා ළඟ සිටින මිතුරාගෙන් පරෙස්සම් වෙනු කියන කියමන සිහියට නගා ගනිමින් බවත් පැවසේ.