උපන් හැටියේ දරුවාට ලෝබ හිතී හද‌ාගන්න දෙන්න බෑ කියලා


(දේවහුව ප්‍රසාද් ජයකොඩි)
විවාහ වී වසර ගණනක් ගත වුවද තමන්ට දරුවන් නොමැතිවීම නිසා දරුවෙකු සොයමින් සිටි යුවළකට ගැබිනි මවක් තම දරුවා ප්‍රසූතකර ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් 28,000 ක මුදලක් ලබාගෙන දරුවා ලැබුණු පසු දරුවා නොදුන් පුවතක් ගලේවෙල ප්‍රදේශයෙන් වාර්තාවේ. 


කෑගල්ල ප්‍රදේශයේ දරුවන් නොමැති යුවළ මෙම ගැබිනි මවට අවශ්‍ය ඇඳුම් පැළඳුම් වගේම පෝෂ්‍යදායි ආහාර මෙන්ම දරුවාට අවශ්‍ය දේවල් ද බොහෝ සේ ලබාදී ඇය සතුටින්තබා ඇත. දරුවා ප්‍රසූත කිරීමට මාසයක් පමණ තිබියදී මෙම ගැබිනි මව අදාළ පුද්ගලයන්ගෙන් රුපියල් 28,000 ක මුදලක් ලබාගෙන ඇත.


දරුවන් නොමැති යුවළ ගැබිනි මවට නිතරම දුරකතන ඇමතුම් දී ඇයගේ දුක සැප සොයා බලා ඇය නිතරම සතුටින් තබා ඇත. මේ අයුරින් කාලය ගතවනවාත් සමඟ ගැබිනි මවට දරුවා ලැබී ඇත. පසුව දින කිහිපයකින් දරුවා නීත්‍යනුකූලව හදා ගැනීමට කෑගල්ල ප්‍රදේශයේ යුවළ ඉල්ලා සිටිය ද තම දරුවා හදා ගැනීමට දීමට ක්‍රමයක් නොමැති බව මව පවසා ඇත්තේ දරුවා නිරෝගිව හා ලස්සනට සිටින නිසාය. උරණ වූ පිරිස පොලීසි ගොස් මේ පිළිබඳ පැමිණිලි කර දරුවා තමන්ට නොදෙන්නේනම් තමන් විසින් ලබාදුන් මුදල ඉල්ලා සිටියේය. 


 මුදල් ලබාගත් යුවළ දරුවාගේ මවට ශාප කරමින් කෑගල්ල ප්‍රදේශයට ගොස් ඇති බව වාර්තාවේ.