උදැල්ල පෙන්නා ඇඳිරියෙන් ගැලවී දවස පුරා කසිප්පු ගහලා


(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ඇඳිරි නීතිය තිබියදී ගොවිතැන් කටයුතු සඳහා ලැබෙන සහනයට මුවාවී ආරක්ෂක අංශ රවටමින් උදේ හවස කසිප්පු පානය සඳහා යන එන පුද්ගලයකු පිළිබඳව යක්කලට නුදුරු ගම්මානයකින් වාර්තාවේ.


ගොවිතැනෙන් දිවි ගෙවන පිරිසක් වෙසෙන ගම්මානයකි.  ඔහු දවස පුරා සුරා පානයෙන් කල් ගෙවන පුද්ගලයෙකි. ඔහු නිකරුණේ කාලය ගෙවනවා විනා කරන කටයුත්තක්ද නැත. 


ඇඳිරි නීතිය පැනවීමත් සමග මේ පුද්ගලයාට දිනපතා චර්යාව අනුව කසිප්පු පානය සඳහා යාමට බාධාවක් ඇතිවිය.  දින කිහිපයක් කල් ගත කළේ අමාරුවෙනි.  මේ අතර ගොවිතැන් කටයුතුවලට බාධාවක් නොවන බව ගුවන් විදුලියෙන් ඔහුට ඇසුණේය.  ඒ සමගම ගණදෙවි නුවණ පහළවිය.


පසුදා හිමිදිරියේම උදැල්ලක් පාපදියේ බැඳගත් ඔහු කෙලින්ම ගියේ කසිප්පු පොළටය. ආපසු ආයේය. හවසද ඒ ආකාරයෙන්ම ගියේය. ඒ අනුව දැන් දිනපතා ගමනේ යෙදෙන්නේ ගොවිතැන් කටයුතු සඳහා යන බව අඟවමිනි. ආරක්ෂක අංශ පරීක්ෂාවේදී කියන්නේ මම කුඹුරට යනවා හෝ කුඹුරේ සිට ගෙදර එන බවය.