තරුණයෙක් පාරේ තිබූ සිම්පතක් අහුලා තම ජංගම දුරකතනයේ අමතර සිම්පත් රදවනයට දැමීය. මොහොතකින් දුරකථනය නාද විය. ඇමතුම පැමිණියේ අහුලාගත් සිම්පතටය.
“කවුද කතා කරන්නේ”? තරුණයා විමසීය.“මේක මගේ ගර්ගේ සිම්එක. මාත් එක්ක තරහාවෙලා එයා සිම් එක විසි කරලා. ප්ලිස් සිම් එක අරන් තියන්න. ඔයා ඉන්නේ කොහේද කියන්න මම එන්නම්” අනෙක් පසින් ඇසුණේ තරුණයා තමා සිටිනා ස්ථානය හා තම ඇඳුමේ වර්ණය පවසා “සිම් එක පරෙස්සම් කළාට මටත් උදව්වක් කරන්න” යැයි කීය. “හරි හරි ඔයාට මොනවද ඕනේ?” යනුවෙන් විමසූ විට “ මට රුපියල් සීයක රීලෝඞ් එකක් දාන්න” තරුණයා ලැජ්ජාවෙන් පැවසීය.
මට නම්බර් එක එස්.එම්.එස්. කරන්න”යැයි කී විට “මගේ ෆෝන් එකෙන් එස්.එම්.එස්. ගහන්න අමාරුයි” මේ නොම්බරේ ලියා ගන්නැයි” කියමින් තම අංකය පැවසීය.
විනාඩි කිහිපයකින් නව මාදිලියේ මෝටර් රථයක් තරුණයා ඉදිරිපිට නැවැත්විය. එහි සිටියේ අව් කණ්ණාඩියක් පැළඳි කඩවසම් තරුණයෙකි. සිම්පත ලබාගත් හෙතෙම “මල්ලි සිම් එක අරන් තිබ්බාට ගොඩක් ස්තුතියි. රීලෝඞ් එක ඇවිල්ලා ඇති බලන්න” යැයි පැවසීය. රුපියල් සියයේ රිලෝඩය වෙනුවට රුපියල් දහසක් තිබිණි.
“ආ මට අමතක උනා ඔයාගේ ෆෝන් එකෙන් එස්.එම්.එස්. ගහන්න බැහැ කිවානේ. මේ ෆෝන් එක තියාගන්න. මේකේ බිලත් ඇති” කියමින් අලුත්ම ස්මාර්ට් ජංගම දුරකථනයක් තරුණායට දී නොපෙනි ගියේ තරුණයා පුදුමයෙන් බලා සිටිද්දීය.
ක්‍රිස්ටෝපටර් සිපියන්. අනුරාධපුර

