එම ආයතනට තට්ටු පහකින් යුක්ත වූ අතර එහි විදුලි සොපානයක් සවිකර තිබිණි. එය ඉතා පැරණි විදුලි සෝපානයකි. බොහෝ දුරට එහි රැුගෙන ගියේ බඩු බාහිරාදියය. තරුණ නිලධාරින් එහි ගමන් කිරීමට බියක් නොදැක්වුවත් කාන්තාවෝ එහි යෑමට බියක් දැක් වූහ.
මෙම ආයතනයේ සේවය කරන තරුණ ආරක්‍ෂක නිලධාරියෙකි. ඔහුගේ විනෝදාංශය වූයේ ආයතනයේ නිවාඩු දිනවල එහි සේවය කරන ආරක්‍ෂක නිලධාරින් සෝපානය තුළ සිර කිරීමය. ඔහු එය කළේ ආරක්‍ෂක නිලධාරියෙක් විදුලි සෝපානයට නැගුණු විට විදුලිය විසන්ධි කිරීමෙනි.
එය පැරණි විදුලි සෝපානයක් නිසා විදුලිය විසන්ධි කළ විට එහි දොර වැසී විදුලි පහන් ද නිවී යයි. ඇතුළේ සිටින අයහට හුස්ම ගැනීමට පවා අපහසු වේ.
දිනක් ආයතනයේ සේවයට පැමිණි නවක ආරක්‍ෂක නිලධාරියකු සෝපානය තුළ සිටින විට පෙරකී ආරක්‍ෂක නිලධාරියා විදුලි සෝපානය ක‍්‍රියා විරහිත කළෙන් ඇතුළේ සිටි ආරක්‍ෂක නිලධාරියා බියෙන් කෑ ගසන්නට විය. විනාඩි දෙකකින් විදුලි සෝපානය විවෘත විය. කවටකම කළ ආරක්‍ෂක නිලධාරියා පැවසුවේ විදුලිය විසන්ධි වී නැවත පැමිණි බවකි. නවක ආරක්‍ෂක නිලධාරියා කෙසේ හෝ සිදුවීම දැනගෙන කවටකම කළ ආරක්‍ෂක නිලධාරියා විදුලි සෝපානයට ගොඩ වූ වේලාවක් බලා එය ක‍්‍රියා විරහිත කළේය. විනාඩි පහකින් සෝපානය විවෘත කළ විට දැක ගන්නට ලැබුණේ ආරක්‍ෂක නිලධාරියා සිහිසුන්ව වැටී සිටින අයුරුය. සිහිගැන් වූ පසු කිසිම දවසක එවැනි විහිළුවක් කිසිම අයෙකුට කිරීමට පෙරකී ආරක්‍ෂක නිලධාරියා පෙළඹුණේ නැත. මෙය කොළඹින් වාර්තා විය.

