ආච්චිගේ ගිරා පෝතකයා බලු පැටවකු වෙලා


(හිඟු‍රාණ නවරත්න සමරතුංග) 
මුණුබුරාට ගෙන යන්න සිටි ගිරවකු කූඩුවක සිරකරගෙන සිටිනු දුටු කෑදැත්තන් විසින් අභයදානයදී මුදාහරින ලද සිද්ධියකි මේ. 


අම්පාර ප්‍රදේශයේ නිවසක ගිරවෙක් කූඩුවක සිරකරගෙන ඇතිකරමින් සිටියේය.


එම නිවෙසේ ආච්චී ඒ බව මාතර සිටි මුණුබුරාට දැන්වීමෙන් පසුව අනේ මට ඒ ගිරවා ගෙනැවිත් දෙන්නැයි කියමින් ඔහු ඇවිටලි කළේය.   


ඉන්පසු අම්පාරේ අය මාතර එන දිනය පැමිණියේය. එදින උදෑසන     කූඩුවක් සූදානම් කර තබන ලෙසට ආච්චී මුණුබුරාට දැනුම් දුන්නාය.


ගිරවා කාඩ්බෝඩ් පෙට්ටියක් තුළට දැමීම තීරණයකර ගිරා කූඩුව මිදුලේ අඹ ගස මුල තබා ආච්චී ගෙතුළට ගියාය.


එසැණින් ගිරාකුඩුව වෙත පැමිණි කෑදැත්තන් දෙදෙනකු කූඩුවේ තිබුණ පලතුරු දැක එහි දොරටුවේ අගුල ඉවත්කර තිබිණ.


ආච්චී එනවිට ගිරවා අභයදානය ලබා ගොස් සිටි අතර මෙම හපන්කම කළ කෑදැත්තන්ද එකෙනෙහිම ඉගිල්ලෙන අයුරු ආච්චී දුටුවාය.


කෙසේ වුවද ආච්චි අහල පහල දන්නා කියන කීප දෙනකුට කතා කර ගිරවා වෙනුවට මුණුබුරාට බලු‍පැටවකු ගෙන ගොස් දුන්නේ ඔහුගේ සිත සතුටු කිරීමේ අරමුණෙනි.