චාමි අනුත්තරා
විදේශීය සංචාරකයන් පිරිසකට අලි සුරතල් පෙන්වීමට ගිය සංචාරක මගපෙන්වන්නකු අලියා විසින් සුරතල් කරනු ලැබූ සිද්ධියක් පින්නවලින්
වාර්තා විය.
සිද්ධිය මෙසේය.
පළපුරුදු සංචාරක මගපෙන්වන්නෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු විදේශිකයන් පිරිසක් සමග පින්නවල අලි අනාථාගාරයට ගියේ අලි වැඩ බැලීමටය.
තම කාර්යභාරය ඕනෑවට වඩා ඉහළින් සිදු කර විදේශිකයින්ගේ අවධානය ලබා ගැනීමේ රිසියෙන් කටයුතු කළ මගපෙන්වන්නා අලි පැටවෙකු සුරතල් කළේ මහත් ආඩම්බරයෙනි.
පොල් කොළයක් ගෙන අලි පැටවා දෙසට දිගු කරමින් පැටවාව සෙල්ලමට ගත්තේ විදේශිකයන්ගේ ඔල්වරසන් හඬ මධ්‍යයේය.
කෙමෙන් කෙමෙන් ඉදිරියට පැමිණි අලි පැටවා ආරක්ෂක වැටෙන් පැනවිත් මගපෙන්වන්නාව සුරතල් කළේ ඔහුව හොඬින් ගෙන දෙතුන් වතාවක් බිම පතිත කරවමිනි.
හොඳම සිදුවීම වන්නේ ලැජ්ජාවත් බයත් සමග නැගී සිටි මගපෙන්වන්නා විදේශිකයන්ද අමතක කොට එතනින් පලාගොස් ඇත්තේ ‘බුදු අම්මෝ අලි ගහනෝ’ යැයි විලාප තබමිනි.