අනුන්ගේ මඟුල් ගෙදරට අනවසරයෙන් ඇවිත් බඩපුරා ගුටිකාලා
තරුතුනේ සංචාරක හෝටලයක පැවැති මංගල සාදයකට අනාරාධිතව සහභාගීවී හොඳට කා බී අවසානයේදී ගුටි බැට කෑ තරුණයන් 6 දෙනකු පිළීබඳ පුවතක් දඹුල්ල කන්දලම කැප් ඇළ ප‍්‍රදේශයෙන් වාර්තා විය.
කොළඹ ව්‍යාපාරිකයකුගේ විවාහ මංගල උත්සවයක් මහත් ඉහළින් මෙහි පැවැත්වුණු අතර මෙහි රසමසවුලූවලින් මෙන්ම සුපිරි මත් වතුරවලින් ද පරිපූර්ණව සාදය පැවැත්විණි. මේ දෙස බලා සිටි සංචාරක හෝටලය අවට පදිංචි තරුණයෝ 6 දෙනෙක් ද හොඳ හැටි ඇඳ පැළඳගෙන ඥාතීන් ලෙස හෝටලයට ගොස් මංගල සාදය භුක්ති විඳින්නට වූහ. මනාල හා මනාලි පාර්ශවයේ අය මොවුන් එකිනෙකාගේ ඥාතීන් වෙන්නට ඇති බව සිතූහ.
එහෙත් ඔවුන් ගමේ පිරිසක් බව සොයා ගැනීමෙන් පසුව අතුරුපසට හොඳහැටි ගුටි මුරයක් කෑමට සිදුවිය.

