(මංගල එදිරිසිංහ)
වේයන්ගල්ල ගම්මානය හුදකලා කර සංචරණ සීමාවන් පනවන්නැයි කළුතර දිස්ත‍්‍රික් ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කළ බව බුලත්සිංහල ප‍්‍රාදේශීය ලේකම් ප‍්‍රසාද් රංගන පෙරේරා මහතා පැවසීය.
බුලත්සිංහල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වේයන්ගල්ල මුස්ලිම් ගම්මානයෙන් මේවනවිට කොරෝනා ආසාදිතයින් 27 දෙනෙකු වාර්තාවී ඇතිබැවින් පවතින තත්වය සැලකිල්ලට ගෙන මෙම ඉල්ලීම කළ බවද ඒ මහතා කීය.
බණ්ඩාරගම අටුළුගම ප‍්‍රදේශයෙන් දිගින් දිගටම ආසාදිතයින් වාර්තා වීම හේතුකොටගෙන පසුගිය 04 වෙනිදින වේයන්ගල්ල ගම්මානයේ පුද්ගලයින් 07 දෙනෙකුගේ අහඹු පීසීආර් පරීක්‍ෂණසිදුකෙරිණි. එයින් එක්අයකු ආසාදිත බව තහවුරු වී ඇත. සැකසහිත පුද්ගලයින් 92 දෙනෙකුගේ පිසිආර් පරීක්‍ෂණ සිදුකර ඇති අතර එයින් 26 දෙනෙකු ආසාදිත බව තහවුරු වී ඇත. මේඅනුව වේයන්ගල්ල ගම්මානයෙන් හමුවු ආසාදිතයින් 27 දෙනාම කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථාන කරායොමුකිරීමට කටයුතු කරඇතිඅතර ඔවුන්ගේ ආශ‍්‍රිතයින් 60 දෙනෙකුගේ ජෛව සාම්පල් රැගෙන පිසිආර් පරීක්‍ෂණ ස`දහා යොමුකර ඇතැයි බුලත්සිංහල මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර්.ඒ.සී. රණවක මහතා කීය.
වේයන්ගල්ල මුස්ලිම් ගම්මානය, බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප‍්‍රදේශයට සහ බුලත්සිංහල ප‍්‍රාදේශිය ලේකම් බල ප‍්‍රදේශයට අයත්වුවද එහි පිවිසුම පිහිටාඇත්තේ අගලවත්ත බල ප‍්‍රදේශයේ කැකුලන්ද හරහාය. මෙම තත්වය මත අගලවත්ත නගරයට ද යම් බලපෑමක් එල්ලවියහැකි බවද නගරවාසීහු පවසති.
වේයන්ගල්ල නැගෙනහිර සහ බටහිර ග‍්‍රාම නිලධාරී වසම් දෙකේ 3080ක පවුල් 31ක් මේවනවිට නිරෝධායනයට යොමුකර ඇත.