රතු දිස්ත්‍රික්කවල ඇඳිරිය දීර්ඝ කරයි


(ඩිල්ෂානි චතුරිකා දාබරේ)

ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් රජය විසින් සංශෝධනය කර තිබේ.

ඒ අනුව, කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදෑසන 5.00 දක්වා දීර්ඝ කෙරේ.

සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 24 සිකුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අලුයම 5.00 දක්වා පමණි.

අප්‍රේල් 24 සිකුරාදා රාත්‍රී 8.00 දක්වා මේ දිස්ත්‍රික්කවල යළි ක්‍රියාත්මක කෙරෙන ඇඳිරි නීතිය අප්‍රේල් 27 දක්වා උදේ 5.00 වනතුරු බලාත්මකය.

ඒ අනුව සති අන්තයේ අප්‍රේල් 25 සෙනසුරදා සහ 26 ඉරිදා මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මකය.

ඒ සම්බන්ධයෙන් රජය නිකුත් කළ නව නිවේදනය පහත දැක්වේ.