මුඛ ආවරණ නොමැතිව මාර්ගයේ ගමන් කළ 9කට දඩ


 
(ඩි.ජී.සුගතපාල)

මුඛ ආවරණ නොමැතිව  හබරාදුව ප්‍රදේශයේ මහා මාර්ගවල  සැරි සැරිම සහ ප්‍රසිද්ධ ස්ථානවල හැසිරිම සම්බන්ධයෙන්  අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලයින් 9 දෙනෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එක් අයෙකුට රුපියල් 3000 බැගින් රුපියල් 27000ක දඩ මුදල් අද (07) නියම කලේය.

මුඛ ආවරණ පැළඳිමකින් තොරව හබරාදුව නගරයේත් හරුමල්ගොඩ සහ මිපෙ යන ප්‍රදේශවලත්  මහා මාර්යේ ගමන් කරමින් සිටියදිත්  ප්‍රසිද්ධ ස්ථානවල හැසිරෙමින් සිටියදිත් මෙම පිරිස අත් අඩංගුවට ගෙන ඇත.
 
1987 අංක 3 දරණ නිරෝධායන හා රෝග වැළැක්විමේ ආඥා පනතේ 2 සහ 3 වගන්ති අනුව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.