මැදගමින් කොරෝනා ආසාදිතයන් 14ක්


මැදගම ගොඩිගමුව ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් 14 දෙනකු හඳුනාගත් බව  මැදගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

මේ වන විට මැදගම ගොඩිගමුව ගම්මානයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 50 ඉක්මවා ඇතැයි ද සෞඛ්‍ය අංශ කියයි.

මෙම පිරිස නිරෝධායන මධ්‍යස්ථාවලට යොමු කරන බවත් ආශ්‍රිතයන් සොයා මෙහෙයුම් ආරම්භ කළ බව ද සෞඛ්‍ය අංශ පවසයි.