මැතිවරණ කොමිසම අපහසුතාවට ලක්කිරීම ඛේදවාචකයක්


(ජේ.කේ.එල් චාමින්ද)

මැතිවරණ කොමිසම් සභාව මේ අවස්ථාවේ  අපහසුතාවයට ලක්කිරිම බරපතල ඛේදවාචකයක් ලෙස තමන් දකින බැව්  හිටපු අමාත්‍ය හා ගාල්ල දිස්ත්‍රික් එජාප නායක වජිර අබේවර්ධන මහතා පවසයි.
 
අද (20) ගාල්ලේ පැවති මාධ්‍යහමුවකදි හිටපු ඇමතිවරයා මේ බව සදහන් කළේය. හෙතෙම මෙසේද කිවේය.
මැතිවරණ කොමිසම් සභාව මේ අවස්ථාවේ  අපහසුතාවයට ලක්කිරිම බරපතල ඛෙදවාචකයක් ලෙස තමයි මම දකින්නේ. මෙක ඒ අයගේ සිමාවෙන් ඔබ්බට ගියා  ඒ අය දින නියම කළ නියමිත දිනට මැතිවරණය පැවැත්විමට නොහැකිවුනේ මැතිවරණ කොමසමේ දෝෂයක් නිසා නොවෙයි.

ලෝක වසංගතයක් නිසා එම තත්වයට මුහුනදිලා තියෙනවා.ඒ නිසා ජුනි02 කියන කථාව වැදගත් වෙන්නේ නැහැ. ඉබේම නිදහන් වෙනවා කළ නොහැක්කක් නිසා  එවැනි අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 07 වැනි වගන්තිය ලියා තියෙන්නේ කුමකටද කියා තමයි මම ඇසුවේ. ඒ වගන්තිය ලියා තියෙන්නේ ජාතික ව්‍යසනයකට මුහුණ දිම සදහා  මා හිතනවා මේ අවස්ථවේ ඒ  අනුව ක්‍රියාකරණවා මිස පටු අරමුණු චෙතනා අනුව කටයුතු කළයුතු නැහැ.
 
ඡන්දය ගැන හිතන්නේ කොහොමද මුද්‍රණාල වැඩ කරන්න ඕන. සේවකයින් මෙවා මුද්‍රණය කරන්න ඕන. තැපල්කරුවන් මෙවා නිසි අයුරින් බෙදා දෙන්න ඕන. භාණ්ඩ දෙන ආකාරයට  ඡන්දය තියන්න පුළුවන් තොරාගත් කිහිපදෙනෙකුට ඡන්දකාඩිපත් දිලා ඡන්දය තියන්න පුළුවන්  මැතිවරණ කොමිසම මේ අවස්ථාවේ අසරණ කරන්න හොද නැහැ .

මේ අවස්ථාවේ මැතිවරණ කොමිසමේ වගකිමෙන් ඇතට ගිහින් තියෙන්නේ ඒ නිසා  මැතිවරණ කොමිසමට මෙක පටවන එක බරපතල ඛෙදවාකයක්  එහෙනම් ආණ්ඩුක්‍රම වි්‍යවස්ථාවේ 70 7 වැනි වගන්තිය අවශ්‍ය වන්නේ නැති බවද  හිටපු ඇමතිවරයා සදහන් කළේය.