මධ්‍යම පළාතට විෂබීජනාශක ඉසින යන්ත්‍ර 300ක් ප්‍රදානය කෙරේ


(ශාන්ත චන්ද්‍රසිරි සහ මොහොමඩ් ආසික්)
 
මෙරට පැතිරී යන නව කොරෝනා වයිරසය පාලනය  කිරීම සඳහා විෂබීජහරණයට අවශ්‍ය දියර ඉසින යන්ත්‍ර 300 ක් මධ්‍යම පළාතේ ආයතනයන්ට ලබාදීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී අද (23) සිදු කෙරිණි.
 
වැවිලි කර්මාන්ත අමාත්‍යංශය හා කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් මෙම දියර ඉසින යන්ත්‍ර ලබාදීමට පියවර ගෙන තිබිණි.
 
මෙම විෂබීජ හරණය කිරීමේ යන්ත්‍ර මධ්‍යම පළාතේ ආරක්ෂක අංශවලට, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට, ප්‍රා‍දේශීය ලේකම් කාර්යාලවලට, නිරෝධායනය මධ්‍යස්ථාවලට හා අනෙකුත් ආයතනයන්ට බෙදාදුන්හ.
 
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කුමුදු කරුණාරත්න, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන ලේකම් ගාමිණී රාජරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු රජයේ නිලධාරීන් හා ආරක්ෂක අංශ නිලධාරීහු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.