(මහින්ද නිශ්ශංක)
බිත්තර මිල අද සිට රුපියල් 10 කින් අඩු කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක මහතා පැවසීය.
අගමැතිවරයාගේ ඉල්ලීමක් අනුව බිත්තර මිල අඩුකළ බව පවසන ඔහු මේ අනුව මෙතෙක් රුපියල් 20 පැවැති බිත්තරයක මිල අද සිට රුපියල් 10 කට අලෙවි කරන බව පැවසීය.
ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශ වලට අද බිත්තර රැගත් ලොරි 450 ක් පමණ පිටත් කර යැවූ බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අරලියගහ මන්දිරයේදී බිත්තර 50,000 ක් යුද හමුදා සැපයුම් අංශයට පරිත්‍යාග කළ බව ද ඒ මහතා පැවසීය.

