(ප්‍රසන්න පත්මසිරි සහ ප්‍රසාද් රුක්මල්)
බදුල්ල විවෘත අධිකරණයේ නඩු කටයුතු වලින් නීතිඥවරුන් තාවකාලිකව ඉවත්වීමට තීරණය කළ බව බදුල්ල නීතිඥ සංගමයේ සභාපති නීතිඥ සුජීවන සිල්වා මහතා පැවසීය.
කොරෝනා වයිසරසය පැතිරයාමේ අවදානම හේතුවෙන්මෙ ම තීරණය ගත් බව නීතිඥ සුජීවන සිල්වා මහතා සඳහන් කළේය.
ඒ අනුව අප්‍රේල් 30 සිට මැයි 06 දින දක්වා නඩු කටයුතු වලට සහභාගිවීමෙන් වැළකී සිටීමට තීරණය කළ බව හෙතෙම පැවසීය.
බදුල්ල නීතිඥ සංගමයේ විශේෂ මහ සභාව රැස්වීමේදී සියලුම නීතිඥවරු විසින් ඒකමතිකව මෙම තීරණය ගෙන තිබේ.

