බණ්ඩාරවෙළ නගරයේ කඩ සාප්පුත් වහයි


(සමන් පාලිත නානායක්කාර)

අධික ලෙස පැතිර යන කොරෝනා වසංගතය පාලනයට සෞඛ්‍ය අංශවලට සහාය වීම සඳහා අගෝස්තු 1 7 දින සිට 22 දින දක්වා දින හයක කාලයක් බණ්ඩාරවෙල නගරයේ සියලුම කඩසාප්පු ඇතුළු ව්‍යාපාරික ස්ථාන වසා තැබීමට  එක්සත් ව්‍යාපාරික සංසදයේ රැස්වීමේදී තීරණය කළ බව එහි සභාපති උපාලි ඒකනායක මහතා පවසයි.

කඩ හා ව්‍යාපාරික ස්ථාන වසා තැබූ විට නගරයට ඇදී එන ජනතාව පාලනය වන අතරම ස්ථානවල සේවය කරන සේවක සේවිකාවන්ගේ ද සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු වන බව එම රැස්වීමේදී සාකච්ඡාවී තිබේ.

මේ අනුව කඩ සාප්පු සතියක් වසා තැබීමට සියලුම සාමාජික සාමාජිකාවන් එකඟ වූ බවද එක්සත් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති උපාලි ඒකනායක මහතා වැඩිදුරටත් පැවසීය.