බණ්ඩාරවෙලින් ආසාදිතයින් 61 ක් හඳුනාගනී


(සමන් පාලිත නානායක්කාර)

බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ පුද්ගලයින් 198 දෙනෙකු සම්බන්ධයෙන් අද( 16 ) දින  කළ ඇන්ටිජන්  පරීක්ෂණයකින් පසු ඉන්  61 දෙනකු  කෝවිඩ් ආසාදිතයින්  ලෙස  හඳුනා ගෙන ඇතැයි බණ්ඩාරවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී එම් ඒ ආර් දිසානායක  මහතා පැවසීය. 

ආසාදිතයින් අතර බණ්ඩාරවෙල  දික්උල්පත විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනිය ද බණ්ඩාරවෙල නගරයේ ප්‍රධාන පාසලක 12 ශ්‍රේණියේ ශිෂ්‍යයෙකු ද සිටින බවත්   ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට  ලක්කල බවත් හෙතෙම පැවසීය.

මේ අතර බණ්ඩාරවෙල මංගල උත්සවයක් ඇසුරින් බිහි වූ කෝවිඩ් පොකුරට සම්බන්ධව ස්වයං නිරෝධායනයට ලක් කර සිටි  පිරිසක් ද මෙම ආසාදිතයින් අතර සිටින  බවද දිසානායක මහතා පැවසීය.