(සමන් පාලිත නානායක්කාර)
බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ පුද්ගලයින් 198 දෙනෙකු සම්බන්ධයෙන් අද( 16 ) දින කළ ඇන්ටිජන් පරීක්ෂණයකින් පසු ඉන් 61 දෙනකු කෝවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇතැයි බණ්ඩාරවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී එම් ඒ ආර් දිසානායක මහතා පැවසීය.
ආසාදිතයින් අතර බණ්ඩාරවෙල දික්උල්පත විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනිය ද බණ්ඩාරවෙල නගරයේ ප්‍රධාන පාසලක 12 ශ්‍රේණියේ ශිෂ්‍යයෙකු ද සිටින බවත් ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට ලක්කල බවත් හෙතෙම පැවසීය.
මේ අතර බණ්ඩාරවෙල මංගල උත්සවයක් ඇසුරින් බිහි වූ කෝවිඩ් පොකුරට සම්බන්ධව ස්වයං නිරෝධායනයට ලක් කර සිටි පිරිසක් ද මෙම ආසාදිතයින් අතර සිටින බවද දිසානායක මහතා පැවසීය.

