ප‍්‍රමාණය ඉක්මවා මගීන් නැගීම වැළැක්වීමට පොලිසිය සහය


(විනීතා එම් ගමගේ)

ඇඳිරි නීතිය ඉවත් කළ ප‍්‍රදේශවල ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ ධාවනය වන අවස්ථාවල ප‍්‍රමාණය ඉක්මවා මගීන් නැගීම වැළැක්වීම සඳහා අද සිට පොලිසියේ හා හමුදාවේ සහය ලබා ගන්නා බව එහි සභාපති කිංස්ලි රණවක මහතා ලංකාදීපයට පැවැසීය.

බස්රථ 3000 කට ආසන්න ප‍්‍රමාණයක් ඇදිරි නීතිය ඉවත් කළ ප‍්‍රදේශවල ධාවනය කළ බවත් එම බස්රථවලින් කිහිපයක සීමාව ඉක්මවා මගීන් ගෙන ගොස් ඇති බවත් රණවක මහතා කීය.

එම බස්රථවල රියැදුරු  හා කොන්දොස්තරවරුන් නිදහසට කරුණු ලෙස දක්වා ඇත්තේ සීමාව ඉක්මවද්දී මගීන් නංවා ගැනීම ප‍්‍රතික්ෂේප කළ අවස්ථාවල මගීන් පහර දෙන්නට සුදානම් වන බවත් බලෙන් නගින මගීන් නිසා මේ තත්ත්වය ඇති වී ඇති බව යැයි ද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් ඇදිරි නීතිය නැති අවස්ථාවන් හිදී බස්රථ ධාවනය කරන විට මගීන් නංවා ගැනීමේ දී නියමිත ප‍්‍රමිතියට අනුව මගීන් නංවා ගැනීමට කටයුතු කළ යුතු බවට කොන්දොස්තරවරුන්ට උපදෙස් දුන් බවත් පොලිසියේ සහ හමුදාවේ සහය ඊට ඉල්ලා සිටි බවත් සභාපතිවරයා තවදුරටත් කියා සිටියේය.