පී සී ආර් පරීක්ෂණ වැඩි කරන්නැයි උද්ඝෝෂණයක්


(එම් .සුසිල් ප්‍රියන්ත සහ දයා සිරිල් ධම්මික )
 
කොරෝනා වසංගතය හදුනා ගැනීමේ පි.සී.ආර්.පරීක්ෂණ වැඩිකරන ලෙසට ඉල්ලා රජයට බල කිරීමේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද (19 ) හික්කඩුව බස් නැවතුම් පොළ ඉදිරිපිටදි පැවැත්විණ.
 
හික්කඩුව ප්‍රදේශවාසීන් එක්ව සංවිධානය කළ මේ උද්ඝෝෂණයට හික්කඩුව නගරය හා ඒ අවට නගර රැසකම ජනතාව මේ සදහා එක්ව සිටියහ.
 
කොරෝනා ව්‍යසනය මේ රට වෙලාගත් දා සිට  සිය ජීවිත අවදානමද නොතකා ගමෙන් ගමට ගොස් කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට අවංකව කැපවු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අමතක කිරීම රජය කළ බලවත් වැරැද්දක් බවත් ඊට එරෙහිව සිය විරෝධය මෙලෙස රජයට දක්වන බව මේ උද්ඝෝෂණයට එක්වූවෝ පවසති.