IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


අනුරාධපුර මුදල් වංචා සිරකරුට ජනපති සමාවක් දී නැහැ

(අංජුල මහික වීරරත්න)

මුදල් වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ සිරගතව සිටි පුද්ගලයා නිදහස්ව ඇත්තේ ජනපති සමාවක් යටතේ නොවන බව ජනාධිපති කාර්යාලය පවසයි.

මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමටත්, වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටත් ඉදිරියේදී කටයුතු කෙරෙනු ඇතැයි ද ජනාධිපති කාර්යාලය කියයි.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය මෙසේද සඳහන් කරයි.

2025 වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ඩබ්.එච්. අතුල තිලකරත්න නැමති අයෙක් නිදහස් කර ඇති බවටත්, එම සිදුවීම පිටුපස බරපතළ අක්‍රමිකතාවක් ඇති බවටත් පළ වෙමින් තිබෙන පුවත් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 34 (1) වගන්තියට අනුව සිරකරුවන්ට පොදු සමාවක් ලබා දීමට ජනාධිපතිවරයාට බලය හිමිව තිබේ. ඒ අනුව බන්ධනාගාර අධිකාරිවරුන් විසින් තෝරා ගන්නා සිරකරුවන්ගේ නාම ලේඛනයක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කරනු ලබයි. එම ලේඛනය අධිකරණ අමාත්‍යාංශය මගින් පරීක්ෂා කර බලා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කරනු ලබන අතර ඒ අනුව ජනාධිපතිවරයාගේ අනුමැතිය මත එම සිරකරුවන්ට පොදු සමාව හිමි වේ.

කෙසේ වුවද ඉහත සිදුවීමට අදාළව 2025-05-06 දාතමින් හා 06/01/යෝජිත /ජ.පො.සමා/වාර්:/05-12/2025 අංකයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විසින් ජනාධිපති කාර්යාලය වෙත එවන ලද පොදු සමාව හිමි විය යුතු සිරකරු නාම ලේඛනය නම් 388කින් සමන්විත අතර එම ලේඛනයේ කිසිදු තැනක අනුරාධපුර බන්ධනාගාරයේ මුදල් වංචාවකට අදාළව සිරගතව සිටි පුද්ගලයාගේ නම ඇතුළත් නොවේ.  එනම් සමාව දීම සඳහා ජනාධිපතිවරයා විසින් අනුමැතිය දෙන ලද නම් 388ට එම පුද්ගලයා කිසිසේත් ඇතුළත්ව නැත.

මේ සිදුවීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඊයේ (06) දින “ජනාධිපති සමාව යටතේ අනුමැතිය නොලැබූ සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධව” යන ශීර්ෂය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කරනු ලැබ තිබේ.



අදහස් (12)

අනුරාධපුර මුදල් වංචා සිරකරුට ජනපති සමාවක් දී නැහැ

Perera Saturday, 07 June 2025 02:26 PM

පාර රාජ්‍ය මගින් ජනපතිවරයාට දෝෂාරෝපණය එන පරිදි කටයුතු කළ බවක් වගේ...

:       3       29

දේශාන් Saturday, 07 June 2025 02:47 PM

ඔය හාල් කෑලි වලට උත්තර දිදී ඉන්න ගියොත් රටේ වෙනවැඩක් කරන්න වෙලාවක් නෑ. අර එකෙක් කියනවා ගුවන් යානයේ වය්පර් වැඩ නෑලු. අනේ මුන්ට තියෙන ප්‍රශ්න... මුන් හොඳයි නගර සභාවේ කානු සුද්ද කරන්න. දේශපාලනයට සුදුසු නොවේ...

:       109       28

swene Saturday, 07 June 2025 02:56 PM

මෙම පුවත අරගෙන u ටියුබර්ස් ලත් දිගට හරහට බැටදෙනවා...

:       4       16

යෝගා Saturday, 07 June 2025 03:26 PM

වැඩේ එලි වුණාට පස්සේ වරද නිලධාරීන් පිටින් යවයිද?

:       24       111

පොඩිඑකාSaturday, 07 June 2025 05:46 PM

ඔව් යෝගා, ඉතිං ඔයාගෙ පස්ස කසනවාද?

:       56       7

prasanna Saturday, 07 June 2025 03:36 PM

කොහොමත් මෙයාලා ඕකටත් බොරුවක් කියාවි...!

:       20       89

විපරමා Saturday, 07 June 2025 04:09 PM

දූෂිත දේශපාලුවෝ බලයේ හිටපු කාලේ අධිකරණය පවා දේශපාලණීකරණය වෙලා තිබුනේ.. ශිෂ්ඨ සම්පන්න නීතිගරුක රටවල නීතීය කාටත් පොදු වුණාට දූෂිත දේශපාලුවන්ට එය අදාළ නැහැ. මාළිමා ආණ්ඩුවක් බිහි නොවන්නට රටට මොනවයින් මොනවා වෙයිද?...

:       6       5

Toni Saturday, 07 June 2025 03:58 PM

පචෝරිස්ලා රිවස් කරන්න හරි දක්ෂයි.

:       17       93

ඉන්ඩික බී Saturday, 07 June 2025 04:12 PM

එතකොට කලින් ප්‍රවුර්තිය බොරුද? අර බන්ධනාගාරේ නිලධාරියෙක් නමත් එක්ක කිව්වේ කියලා දාලා තිබ්බෙ සමාව දුන්නය, ඒ සාමන්‍ය ක්‍රමයටය, වැරැද්දක් නැතෙයි කියලා.. කාටද ඇත්තටම පිස්සු?

:       2       74

Asela Saturday, 07 June 2025 04:41 PM

ඔච්චර සාක්ෂි ඉදිරිපත් කරාට වැඩක් නැහැ... සිලින්ඩර් බයියෝ ඕවා පිළිගන්නේ නැහැ... ඔන්න අර්චුනා හරි, පිල්ලෙයාන් හරි කිව්වා නම් පිළිගනියි.

:       82       5

මහසෙන් Saturday, 07 June 2025 05:19 PM

කවු ද යකෝ මගේ අමුඩේ කැත කලේ...?

:       2       77

ගුණරත්න Saturday, 07 June 2025 05:34 PM

පත්තු වුනාම පරීක්ෂණ කරනවා කියලා යට ගහන එක තමයි අලුත්ම ක්‍රමය...

:       7       62

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 480 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 320 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 475 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site