IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


ඇමති හර්ෂණට ලංකා - ජර්මානු පාර්ලිමේන්තු මිතුරු සංගම් ලොකු පුටුව

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - ජර්මානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා තේරී පත් විය. මෙම සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපිත කිරීමේ රැස්වීම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එම රැස්වීමේදී, ශ්‍රී ලංකා - ජර්මානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය තේරී පත් වූවාය.

රැස්වීම අමතමින් කථානායකවරයා සඳහන් කළේ, ජර්මනිය දිගු කලක සිට ශ්‍රී ලංකාවේ වටිනා සංවර්ධන හවුල්කරුවෙකු ලෙස, සංහිඳියාව, පෞද්ගලික අංශයේ සංවර්ධනය, සාමය ගොඩනැගීම සහ අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රවල විශාල සහයෝගයක් ලබා දෙන බවයි. දෙරට අතර පවතින දිගු කාලීන සහයෝගීතාව ඔහුගේ ප්‍රශංසාවට ලක්විය.

මෙහිදී අදහස් දක්වමින් අභිනව සභාපති අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා කීවේ දෙරටෙහි ව්‍යවස්ථාදායකයන් අතර සම්බන්ධතාවය ශක්තිමත් කිරීම සඳහා මෙම සංගමය හරහා වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට හැකිවනු ඇති බවයි.

 



අදහස් (0)

ඇමති හර්ෂණට ලංකා - ජර්මානු පාර්ලිමේන්තු මිතුරු සංගම් ලොකු පුටුව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 487 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 320 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 475 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site