(ගයාන් සූරිය ආරච්චි)
සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලිස් නිලධාරීන්ට බැන තර්ජනය කළ බව කියන රූපලාවණ්‍යාගාර ශිල්පිණියක ඊයේ අත්අඩංගුවට ගත් බව වඳුරඹ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි කාන්තාවකි.
වඳුරඹ පොලිසියට වාර්තා වූ පැමිණිල්ලක් මත සැකකරු ඔහුගේ මිතුරෙකුගේ නිවසේ සිටින බවට වඳුරඹ පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක් එම නිවසට ගිය අවස්ථාවේදී සැකකාර කාන්තාව නිලධාරීන්ට සාපරාදී බලහත්කාරය පා ඇති බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
වඳුරඹ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පොලිසියට තග දැමූ රූපලාවන්‍ය ශිල්පිනිය අත්අඩංගුවට
de silva Saturday, 07 June 2025 05:24 PM
මෙහෙම බය නැතිව පොලිස් නිලධාරීන්ට පාර්ට් එක දමන රුපලවන්ය ශිලිපිනිය සමහර විට ඉහළ පොලිස් නිලධාරියෙක් සමග නිදාගන්න කෙනෙක් වෙන්න පුළුවන්... එහෙම වුණාම ඔහුගේ පවර් එක ටිකක් ඇඟට ගන්නවා වෙන්න පුළුවන්. රූපලාවන්‍ය ශිලිපියෝ අත්අඩංගුවට අරන් නිරෝධනයට ගෙනියන කොට ඇයගේ යටඇඳුම් අරන් ආපු පොලිස් ඇමැති කෙනෙක් හිටපු රටක් මේක... කැලේ මාරුවුණා කියලා කොටියාගේ පුල්ලි මාරුවෙන්නේ නැහැ. ආණ්ඩු මාරු වුණා කියලා නිලධාරීන් හෝ ඔවුන්ගේ යාන්ත්‍රනය මාරු වෙලා නැහැ.
අරුණිSaturday, 07 June 2025 06:27 PM
De Silva, මහත්මයා, එහෙනම් මොකටද ආන්ඩු මාරු කලේ? බැරි බැරියාවමද හැමතැනම, හැමදේකම, හැම කෙනාගේම අලුත් ආන්ඩුවේ...?
de silva Saturday, 07 June 2025 06:47 PM
අරුණි මහත්මිය එක තමා මටත් තිබෙන ප්‍රශ්නේ, අලුත් ආණ්ඩුව පසුගිය මාස 1-2 තුල හඳුනාගෙන තිබෙනවා... රජයේ දෙපාර්තමේන්තු තුළ අල්ලස් පොකුරු දුෂිත නිලධාරියෝ ඉන්නවා කියලා, ඉස්සර එහෙම දෙයක් දැනගෙන ඉඳලා නැහැ. දැන් ඒ ගොල්ලන්ට සුහද ආයාචනයක් කරගෙන යනවා. නරක වැඩ කරන්න එපා හොඳ ළමයි වගේ වැඩ කරන්න කියලා, දැන් ඔය රුපියල් 2000-3000 වගේ අල්ලස් ගන්න මනුස්සයෝ සතියකට 2-3 අහුවෙනවා... ලොකු තෝරු මෝරු නම් තවම හොඳට පීනනවා...