පැය 24 කදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 364 ක්


(තිලකරත්න දිසානායක.)

ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (15) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 364 දෙනෙකු රෝහල්ගත කොට ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.

දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 ආශ්‍රිතව ගතවූ පැය 24 තුල ආසාදිතයින් 394 දෙනෙකු හමුව ඇති බවත් එම ආසාදිතයින් හමුවීම බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 87 දෙනෙක්,  අත්තනගල්ල - 85 ක්, වත්තල සහ මහර කොට්ඨාසයන්ගෙන්  - 28 බැගින්, මිනුවන්ගොඩ, මීරිගම සහ ගම්පහ කොට්ඨාසයන්ගෙන් - 17 බැගින්, කැලණිය  - 16 ක්, දොම්පෙ - 15 ක්, ජාඇල සහ මීගමුව කොට්ඨාසයන්ගෙන්  - 14 දෙනෙකු බැගින්, කටාන - 13 ක් සහ රාගම එක් ආසාදිතයෙකු වශයෙන් බවත් වෙබ් අඩවියෙහි සදහන්ය.  

කටුනායක සහ බියගම කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 12 දෙනෙකු පැය 24 ක් තුල හමුව ඇති අතර ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 17,275 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.

කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ උදෑසන වනවිට 44,709 දෙනෙකු වන බවත් දිස්ත්‍රික්කයෙහි පුද්ගලයින් 3,02991 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කොට ඇති බවත් වෙබ් අඩවියෙහි සදහන්ය.