පාර්ලිමේන්තු පොලිසියේ 10කට කොරෝනා


(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු පොලිසියේ නිලධාරීන් 10 දෙනෙකුට පසුගිය සති දෙකේදී (පසුගිය 2වැනිදා සිට මේ දක්වා) කොරෝනා ආසාදනයවී ඇතැයි පොලිස් ආරංචිමාර්ගවලින් පැවසේ.

මින් වැඩි පිරිසකට කොරෝනා ආසාදනය වී ඇතැයි හඳුනාගෙන ඇත්තේ ඔවුන් නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටියදී බව එම ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අනුව පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු පොලිස් නිලධාරින් ජෛව බුබුලක් යටතේ රාජකාරියේ යෙදවීමට එහි පොලිස් ප්‍රධානීන් පියවර ගෙන ඇත.

එසේම නිවාඩුවට ගොස් පැමිණෙන සියලුම පොලිස් නිලධාරින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කර ඒවායේ ප්‍රතිඵල අනුව පමණක් පාර්ලිමේන්තු සංකීර්ණයේ රාජකාරියේ යෙදවීමටද පියවර ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.