නාරම්මල ප්‍රාදේශීය රෝහල කොවිඩ් ප්‍රතිකාර ඒකකයක් කරයි


 

(දිනේෂ් උපේන්ද්‍ර)
                                                         
මේ වනවිට දිවයිනේ පවතින කොරෝනා වයිරසය ව්‍යාප්ත වී ඇති තත්වය මත, හදිසි අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීම පිණිස නාරම්මල ප්‍රාදේශීය රෝහල කොවිඩ් -19 ප්‍රතිකාර ඒකකයක් බවට පත් කළ බව එම රෝහලේ වෛද්‍ය අධිකාරි නාමල් සමරසේකර මහතා පැවසීය.
      
කොවිඞ් රෝගීන් 60 දෙනෙකුට පමණ එකවර ප්‍රතිකාර ලැබීමේ පහසුකම් එම රෝහලේ සලසාදී ඇති අතර මේ වනවිටත් රෝගීන් 27 දෙනෙකු ප්‍රතිකාර ලබන බවද පැවසූ ඒ මහතා ඔවුන් ගම්පහ සහ කුරුණෑගල ප්‍රදේශයේ අය බවද පැවසීය.
      
දැඩි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් නිරන්තර විෂබීජහරණයටද එම රෝහල ලක් කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.