තවත් කොවිඩ් ආසාදිතයෙක්


තවත් කොවිඩ්-19 ආසාදිතයෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග අංශය සඳහන් කරයි.

ඒ අනුව, මෙරට සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2839 දක්වා ඉහළ ගොස් ඇත.

=======================================================================================

කොවිඩ්-19 ආසාදිතයින් සිව්දෙනෙකු අද (05) හඳුනාගත් බව වසංගත රෝග අංශය සඳහන් කරයි.

අද හඳුනාගත් ආසාදිතයින් සිව් දෙනා අතර චෙන්නායි සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙක් , සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෙක් සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ  සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි දෙදෙනෙක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, මෙරට සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2838 දක්වා ඉහළ ගොස් ඇත.

රෝගීන් 13 දෙනෙකු අද (05) සුවය ලැබීමත් සමඟ, සුවය ලැබූ සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2537ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව තවත් රෝගීන් 290 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.