තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක්


ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 235 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

අද දිනයේ කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේය.

මේ වන  විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 63 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.