කොරෝනා ආසාදිත යැයි තහවුරු කළ රෝගීන් 24 දෙනකු අද (20 ) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.
ඒ අනුව මේ වන විට කොරෝනා අසාදිතයින් ගණන 295 දක්වා ඉහළ ගොස් ඇත.
අද වාර්තා වූ මෙම සියලු අසාදිතයින් කොළඹ 12 බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි පිරිස අතරෙන් හමු වී ඇතැයිද අනිල් ජාසිංහ මහතා කියයි.

