(ශාන්ත චන්ද්‍රසිරි)
දිනකට කැඩිය යුතු තේ දළු ප්‍රමාණය පහත දමන ලෙස ඉල්ලමින් තලවකැලේ ලිඳුල අපක්‍රැන්ලි වත්තේ වතු කම්කරුවන් පිරිසක් අද (15) විරෝධතාවයක නිරතවූහ.
දිනකට තේ දළු කිලෝ 16 ක් කැඩිය යුතු වුවත් පැවැති දැඩි නියඟය හේතුවෙන් ප්‍රමාණවත් තේ දළු වතුයායේ නොවැඩීම හේතුවෙන් එම ප්‍රමාණය කැඩීම අසීරුවී ඇති බවත් දිනකට කැඩිය යුතු තේ දළු කිලෝ ප්‍රමාණය අඩු කරන ලෙස ඉල්ලමින් වතු කම්කරුවෝ මෙසේ වතුයායේ තේ දළු එකතු කරන මධ්‍යස්ථානය අසලට එක්රැස්ව විරෝධතාවයේ නිරතවූහ.
දිනකට නියමිත තේ දළු ප්‍රමාණය නොකැඩීම නිසා තම වැටුප අඩුවෙන් ලැබෙන බවත් එසේ වැටුප් අඩුවීම නිසා තම පවුල් නඩත්තු කරවීම අසීරු තත්ත්වයකට පත්ව ඇති බවද විරෝධතාවයේ නිරත වතු කම්කරුවෝ පැවසුහ.



