ජපාන පාර්ලිමේන්තුව හදිසි අයවැයක් සම්මත කරයි


කොරෝනා වසංගතයෙන් සිදු වූ ආර්ථික විනාශයට පිළියම් සෙවීමේ අරමුණින් ජපාන පාර්ලිමේන්තුව අද (30) ඇමෙරිකානු ඩොලර් බිලියන 240 (ඩොලර් කෝටි 24,000හදිසි අයවැයක් සම්මත කරගත්තේය.
 
ජපානයේ සියලු නේවාසිකයකුටම මුදල් දීමනාවක් දීමට අයවැයෙන් තීරණය වී ඇත. සෑම නිවාස ඒකකයටම මුදල් ලබාදීම සම්බන්ධයෙන් ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ගත් තීරණය වෙනස් කිරීමට සිදු වූ නිසා අයැවය නැවත ලිවීමට ද සිදුවිය.
 
රටේ සිටින සෑම පුරවැසියකුට සහ දරුවකුටම යෙන් 100,000ක් (ඇමෙරිකානු ඩොලර් 930ක්) ලැබෙන පරිදි ගෘහ ඒකකයකට පරීක්ෂණ කිරීම සඳහා මූල්‍ය පහසුකම් ලබාදීමට ජපාන අග්‍රාමාත්‍යවරයා මුලින් තීරණය කර තිබිණි.
 
ජපානය යනු ලොව තෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රටයි. අයවැයේ වටිනාකම ජපානයේ මුදලින් යෙන් ට්‍රිලියන 25.7කි. කොරෝනා වසංගතය හේතුවෙන් කඩා වැටී ඇති ආර්ථිකය ගොඩගැනීම සඳහා අයවැයෙන් ක්‍රියාමාර්ග රැසක් ම ගෙන ඇත.
 
මේ මස මුලදී ජපාන අග්‍රාමාත්‍යවරයා ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක දැවැන්ත සහන පැකේජයක් ද නිවේදනය කළේය.
 
අද (28) පස්වරු 5 වනවිට ජපානයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 13,965ක් වූ අතර එරටින් වාර්තා වූ මරණ ගණන 425කි.
 
.එෆ්.පී
 
055