(චමිල් රූපසිංහ)
කොරෝනා වයිරසය හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින උඩුනුවර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීම සඳහා එම ප්‍රාදේශීය සභාව රුපියල් ලක්ෂ 20 ක මුදලක් වෙන් කර ඇතැයි උඩුනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති ගාමිණි තෙන්නකෝන් මහතා පැවසීය.
උඩුනුවර ග්‍රාමසේවා වසම් 124 ම ගෙලිඔය හා දවුලගල සතොස ආයතනයෙන් අවශ්‍ය භාණ්ඩ මිලදී ගෙන
සහන මිලකට ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය මල්ලක් ලබාදිමට ද කටයුතු යොදා ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය.
සියලුම රජයේ ආයතන විෂබීජ හරණය කිරිමේ කටයුතු ද ආරම්භ කර ඇති බවද ඒ මහතා පවසයි.