ගම්පහින් ආසාදිතයන් 1987ක් වාර්තා වෙයි


( තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් 1987 දෙනෙකු අද උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල දත්ත සදහන් කරයි.

ආසාදිතයින් හමුවීම බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් - 223 ක්, මිනුවන්ගොඩ - 192 ක්, වත්තල සහ මහර කොට්ඨාසයන්ගෙන් 185 දෙනෙකු බැගින්, මීරිගම - 173 ක්, සීදූව - 166 ක්, අත්තනගල්ල - 145 ක්, දොම්පෙ - 142 ක්, ජාඇල - 135 ක්, කැලණිය - 109 ක්, මීගමුව - 100 ක්, රාගම - 62 ක්, දිවුලපිටිය - 59 ක්, ගම්පහ - 56 ක් සහ කටාන කොට්ඨාසයෙන් - 55 දෙනෙකු වශයෙන් සිදුව ඇත.

පැය 24 ක කාලය තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 104 දෙනෙකු හමුව ඇති අතර එම කාලය තුල ආසාදිතයින් 540 දෙනෙකු දිස්ත්‍රික්කයේ රෝහල් වෙත ඇතුලත් කොට ඇති බවත් සැක සහිත රෝගීන් 67 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ට ඇතුලත් කොට ඇති බවත් දත්තයන්හි සදහන්ය.

රෝහල්හි ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 353 දෙනෙකි.

ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 26,920 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.