(මහින්ද නිශ්ශංක)
ජනාධිපති විසින් ආරම්භ කර තිබෙන කොරෝනා අරමුදලට රුපියල් මිලියන 10 බැගින් මිලියන 20ක් ලබාදීමට ප්‍රවාහන අමාත්‍යංශය යටතේ පවතින ජාතික ගමනාගමන කොමිසම සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය අද(16) තීරණය කර තිබේ.
මගී කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත ලබාදෙන මෙම මිලියන 20ක මුදල ඉදිරියේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පරිත්‍යාග කිරීමට නියමිතය.

