
(දයාරත්න ඇඹෝගම)
මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් දිවයිනේ පිහිටි සියළුම කෞතුකාගාර අද (21) දින සිට දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී මහතා පවසයි.
ඒ අනුව අද (21) සිට අනුරාධපුර , පොළොන්නරුව , සීගිරිය , දඹුල්ල , මහනුවර , ගාල්ල , කතරගම ආදී සියළුම කෞතුකාගාර මහජනතාව සඳහා විවෘත වේ.
කෝවිඩ් 19 වසංගතය පැතිරීම ආරම්භවීමත් සමග දිවයිනේ පිහිටි සියළුම කෞතුකාගාර මහජනතාව සඳහා වසා තැබුනු බවත් වසා තැබුනු කාල සීමාව තුල කෞතුකාගාරවල අළුත්වැඩියා කටයුතු සිදුකර නවීකරණය කළ බවද මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී මහතා මෙහිදි පැවසිය

