(නිමන්ති රණසිංහ)
කොළඹ නගරයේ තරු පහේ හෝටල් ඇතුළු සංචාරක මණ්ඩලයේ අනුමත සියලූ හෝටල් සහ අවන්හල් හෙට (26) සිට විවෘත කිරීමට අවසර දී ඇතැයි මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ක්‍රිෂාන්ත චන්ද්‍රපාල මහතා ලංකාදීපයට අද (25) පැවසීය.
සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් පිළිපදිමින් එම අවන්හල් සහ හෝටල් නිසි පරිදි පවත්වාගෙන යාමට එලෙස අවසර ලබා දී ඇතැයි ද චන්ද්‍රපාල මහතා සදහන් කරයි.
එසේම, විවෘත කළ අදාළ ආයතන සෞඛ්‍යාරක්ෂිත නිසි ක‍්‍රමවේදයන්ට අනුගත වෙමින් පවත්වාගෙන යන්නේ දැයි සොයා බැලීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් සමන්විත කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවද චන්ද්‍රපාල මහතා සදහන් කරයි.
මෙම කණ්ඩායමට අවශ්‍ය වුවහොත් ශ්‍රී ලංකා පොලීසියේ ද සහාය ලබා ගන්නා බව ද චන්ද්‍රපාල මහතා පවසයි.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් වසා දමා තිබූ කොළඹ නගරයේ තරු පංතියේ හෝටල් සංචාරක කර්මාන්තය සදහා ද අද (26) දිනයේ විවෘත කෙරෙන බවත් ඒ පිළිබදව තමන් වෙත දැනුවත් කර ඇති බවත් වෛද්‍ය නිලධාරී ක්‍රිෂාන්ත චන්ද්‍රපාල මහතා වැඩිදුරටත් අප කළ විමසීමකදී පැවසිය.

