කොරෝනාවට ජර්මනිය පැනවූ සීමා මැයි 3දා සිට ලිහිල් කිරීමට අවධානය


කොරෝනා වයිරසය හේතුවෙන් ජර්මනිය පනවා ඇති සීමා ලිහිල් කිරීම පිළිබඳ ප්‍රාන්ත නායකයින් සමඟ සාකච්ඡා කිරීමට ජර්මානු චාන්ස්ලර් ඇන්ජෙලා මර්කෙල් මහත්මිය පියවර ගෙන ඇත.

එම සීමා අවම වශයෙන් මැයි 3 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට බර්ලිනයේ ෆෙඩරල් ආණ්ඩුවට අවශ්‍ය වී ඇතැයි ජර්මානු මාධ්‍ය වාර්තා පවසයි.

කෙසේ වුවත් ඇතැම් වෙළෙඳසැල් දැඩී නීති මධ්‍යයේ අප්‍රේල් 20 වැනිදා සිට විවෘත වනු ඇත.

අනෙකුත් බටහිර යුරෝපීය රාජ්‍යයන්ට සාපේක්ෂව ජර්මනිය කොරෝනා වයිරසය හේතුවෙන් ඉතා දැඩි බලපෑමකට ලක් නොවුණි.

එරට මහජන සෞඛ්‍ය ආයතනයේ වාර්තා අනුව ජර්මනියෙන් ආසාදිත රෝගී මරණ 3254 ක් වාර්තා වී තිබේ.

ගතවූ පැය 24 තුළ සිදුවී ඇති මරණ සංඛ්‍යාව 285 කි.

ඔස්ට්‍රියාවේ ඇතැම් වෙළෙසැල් හෙට සිට නැවත විවෘත කිරීමට අවසර දී ඇති අතර ඇතැම් විට ජර්මනිය ද එම ක්‍රියාමාර්ග අනුගමනය කරනු ඇත.

ඩෙන්මාර්කය ද එරට පාසල් වයස අවුරුදු 11 න් පහළ සිසුන් සඳහා යළි ඇරඹීමට පියවර ගෙන තිබේ.

කොරෝනා වයිරසයෙන් උද්ගත වූ අර්බුදය හේතුවෙන් පසුගිය මාසයේ ජර්මානු ආර්ථිකය ද පසුබැසීමකට ලක්විය.


(බීබීසී ඇසුරෙනි)


-226-